අද (12) දවසේ කාලගුණ අනාවැකිය

Date:

අද (12) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ඌව පළාතේත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...