කූඩාරමේ උපන් කුමරිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවේ සිදු වූ මාරාන්තික භූ කම්පනයට මිනිත්තු කිහිපයකට පෙර කදීජා නම් මවක් බිළිඳියක් බිහිකළ අතර ඇය බිළිඳිය සමඟ මහ මග කූඩාරමක ජීවත් වන අතර තවම බ්ළිදියට නමක්වත් නොමැති බවයි වාර්තා වන්නේ.

මව සහ දියණිය තුවාල ලබා නොතිබුණ ද, ඔවුන් සිටි මරාච්හි පිහිටි රෝහලේ සිටි පිරිස ඉවත් කෙරිණි. උපතින් පැය තුනකට පසු සිදුකෙරුණු ඉක්මන් පරීක්ෂාවකින් අනතුරුව රෝහලෙන් පිටව යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබුණු බවයි වාර්තා වන්නේ.

පසුකම්පන සිද්ධ වේවි කියන බය නිසා අපට යන්න වෙනවා කියල එයාලා කිව්වා,” කදීජා පැවසුවා ය.

කදීජා සහ ඇගේ සැමියා අලුත උපන් බිළිඳිය ද සමග, සෙනසුරාදා හිමිදිරියේ කුලී රථයකින් මරාච් සිට කිලෝමීටර් 65ක් පමණ දුරින් ඇට්ලස් කඳුකරයේ තෙද්දැර්ත්හි පිහිටි ඔවුන්ගේ නිවසට යාමට උත්සහ කලද
නමුත් යන මඟ දී ඔවුන්ට දැන ගැනීමට ඇත්තේ නායයෑම් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ගමන අස්නි ගම්මානය දක්වා පමණක් සිමා වී ඇති අතර එතැන් සිට, මෙම පවුල ප්‍රධාන මාර්ගය අද්දර ඇති කූඩාරමක දිවි ගෙවීමට තීරණය කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...