ඉන්දියාව සහ පකිස්තානය අතර සුපිරි සිව් දෙනාගේ වටයේ තරගය වර්ෂාව නිසා දින දෙකක් තිස්සේ පවත්වන්නට සිදු විය.නමුත් ඉන්දීය පිතිකරුවන් වූ විරාට් කෝලි සහ කේ.එල්.රාහුල් විසින් දියත් කළ අනුකම්පා විරහිත පිති ප්‍රහාරය නිසා පකිස්තානයට ලකුණු 35ර ක ඉලක්කයක් හඹා යන්නට සිඳු විය.
විශේෂයෙන් විරාට් කෝලි සිය ඉණිමේ අවසාන භාගයේ දැඩි ප්‍රවේගකාරී අක්‍රමණයක නියැලුණු අතර ඉන්දීය කණ්ඩායමට හිමි පන්දු ඕවර් 50 නිමා වන විට ඔහු ඉදිරියේ පන්දු 94 දී එකතු කර ගත් ලකුණු 122 ක් සඳහන් වී තිබිණ.කේ.එල්.රාහුල් ගේ ඉණිම පන්දු 106 දී ලකුණු 111 කින් පෝෂණය වූවකි.දෙදෙනා තෙවන කඩුල්ලට නොබිදි ලකුණු 233 ක් එක් කර තිබිණි.
මෙහිදී ඉන්දීය ඉණිමේදී විරාට්ට සහ රාහුල් ට ඒ ආකාරයට පිත්ත විශ්වාසයෙන් ලකුණු වේගය තබා ගැනීමෙන් හැසිරවීමට පෙර මඟ සකස් කළෝ රොහිත් ෂර්මා සහ සුබ්මන් ගිල් ය.ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 121 ක් එකතු කරන්නට ගත කළේ පන්දු ඕවර් 16.4 ක් පමණි.රෝහිත් පන්දු 49 න් රැස් කළ ලකුණු 56 ට හතරේ පහර 6 ක් මෙන්ම දැවන්ත හයේ පහර 4 ක් ද එකතු කර තිබිණ.හයේ පහර නොමැති වුව ද හතරේ පහර 10 න් හැඩ වුණ සුබ්මන් ගිල් ගේ ප්‍රහාරය පන්දු 52 න් ගලා ආ ලකුණු 58 ක් විය.

පකිස්තානයේ පන්දු යවන්නන් අතරින් පන්දු ඕවර් 10 යැවීමට යොදා ගත් සශීන් අෆර්ඩී (ලකුණු 79),ෆහීන් අෂ්රෆ් (ලකුණු 74) සහ සදාබ් ඛාන් (ලකුණු 71) යන තිදෙනාම ලකුණු 70 ට වඩා ලබා දුන්නේය.මද හෝ සාර්ථකත්වයක් පෙන් වූ නසීම් ෂා ආබාධ වීම නිසා කැඳ වූ ඉෆ්තිකාර් අහමඩ් ද ප1හාරයට ගොදුරු වූ පන්දු යවන්නන් අතරින් ඉදිරයෙන්ම සිටි අතර ඔහුගේ පන්දු ඕවර් 5.4 තුළ ඉන්දියානු පිතිකරු යුගලය ලකුණු 52 ක් උඳුරාගෙන තිබිණි.
පිළිතුරු ඉණිම එන විට පකිස්තානයට අභියෝග දෙකක් තිබිණ.දැවන්ත ලකුණු පූවරුව ඉන් පළමු වැන්නය.එය හරි බරි ගැහී පිටියේ පදම් වී සකසා ගන්නට නොහැකි ගැටළුවක් එකතු කර තිබුණේ වර්ෂා සළකුණුය.ඒ නිසා පන්දුව හොඳින් දකින තුරු ඉවසීම වෙනුවට වැස්ස කඩා වැටුණහොත් ඇතිවන තත්ත්වයට මුහුණ දෙන්නට ඔවුන්ට තරගය නවතන මොහොත වන විට ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යාය යටතේ ඉන්දියාවට වැඩි ලකුණු වේගයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීමේ අභියෝගය ද එකතු වී තිබිණ.එසේම තමන් සතුව කඩුලු 8 ක් පමණක් ඇති බව ද ඔවුන්ට අමතර පීඩනයක් ගෙන දුන්නේය.මන්ද ඒ වන විට නෂීම් ෂා සහ හාරිස් රවුෆ් තරගය අතර මැද ආබාධවලට ලක්ව පන්දුවට පහර දීමට නොහැකි තත්ත්වයේ සිටි බැවිනි.
මේ තත්ත්වය මත පකිස්තානයට ඉණිම අරඹන විට ජයග්‍රහණයට වඩා කල්පනාවට ඉතිරිව තිබුණේ තරගය ජය පරාජයෙන් තොරව හමාර කර ගැනීමට වැස්ස ආශිර්වාද කරනු ඇතැයි බලාපොරොත්තු තැබීම පමණි.ඩක්වර්ත් ඇන්ඩි ලුවිස් න්‍යාය සඳහා යවා තිබිය යුතු පන්දු ඕවර් ප්‍රමාණය යැවීමට පෙර වර්ෂාව කඩා නොවැටුණහොත් පරාජයට වැඩි ඉඩක් තබමින් පකිස්තානයට ඉණිම ආරම්භ කරන්නට සිඳුවන විට තරගයේ ජයග්‍රහණය වැස්සෙන් තොර වුවහොත් සියයට 90 ට වැඩියෙන් බරව තිබුණේ ඉන්දියාවටය.එය වෙනස් කිරීමේ ආශ්චර්යමත් පිතිකරණයක් සිඳු කළ හැකි යැයි සිතිය හැකි පිතිකරු නම් කිහිපයක් පකිස්තාන කණ්ඩායම සතුව තිබුණත්,සාමාන්‍යයෙන් එවැනි පෙළහර සිඳුවන්නේ ඉඳ හිට බැවින්,වැඩි බර වැටී තිබුණේ පකිස්තානයේ පරාජයේ පැත්තටය.

ඒ පීඩනය ආත්මීය වශයෙන් ඇති කරන අවිශ්වාසය පදනමේ තබාගෙන පහර එල්ල කරපු ක්‍රීඩකයින් ඉන්දීය ක්‍රිඩකයින් තුළ ජයග්‍රහණයේ විශ්වාසය සමඟ ගැටීමේදී පසු බසින්නට වූයේ තමන්ගේ සාමාන්‍ය දස්කම්වලට ද පිවිසෙන්නට නොහැකි අයුරෙන්ය.අවසානයේ තමන්ට පන්දුවට පහර දෙන්නට ඉතිරිව තිබූ කඩුලු 8 අහිමිවන මොහොත වන විට පකිස්තාන ලකුණු පූවරුව ලකුණු 128 ක් ව තිබිණ.කුල්දීප් යාදෙවි පකිස්තාන පීඩනයද උදව්වට ගෙන පන්දුව දඟ කවමින් පකිස්තාන කඩුලු 5 ක් ම ලකුණු 25 ට බිඳ දමිමින් පකිස්තාන ඉණිම විනාශ කිරීමේ කාර්යයේ ප්‍රධානියා වුවත්,පකිස්තානයට පීඩනය ඇති කිරීමේ පුරෝගාමී ඉණිම දියත් කළ විරාට් කෝලි තරගයේ වීරයා විය.එසේම වැසි කාලගුණය සමඟ ගැටෙමින් තරගයට හානියක් නොවන්නට එය ක්‍රියාත්මක කළ ආර්.ප්‍රේමදාස් ක්‍රීඩාංගණයේ ප්‍රමිතිය පිළිබඳව ලෝකයට හොද සහතිකයක් දෙන්නටත්,ඕනෑම මොහොතක පිටිය තරගය පැවත්වීමට හැකි මට්ටමට වර්ෂාවෙන් ආරක්ෂා දෙන්නට හැකි ක්‍රීඩා පිටි කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති සුවිශාල කීර්තියත් යලි මෙහිදි ජයග්‍රහණ සේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එකතු විය.
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/asia-cup-2023-1388374/india-vs-pakistan-9th-match-super-four-1388406/full-scorecard
සටහන – නිෂ්මං රණසිංහ
