*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

විශ්ව විද්‍යාල අධ්‍යාපනය නංවන්න මන්ත්‍රී නාමල්ගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ලෝක රැකියා වෙළඳපොල ඉලක්ක කරගනිමින් මෙරට අධ්‍යාපනය ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් පසු රැකියා වෙළෙඳපොළ තුළ තරුණයින්ට පවතින ඉඩ සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

“අපි සූදානම් විය යුත්තේ අනාගතයට. පළවෙනි කාරණය, ලෝකයේ බොහෝ රටවල් වලට වඩා වෙනස් කාරණයක් තමයි අපේ රටේ උසස් පෙළ විභාග ක්‍රමය. මොකද උසස්පෙළ විභාගය තමයි අපට තියෙන එකම විකල්පය සහ එකම සුදුසුකම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට. නමුත් එය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ඨ වීමට උසස් පෙළ විභාගය හෝ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි.

මම විශ්වාස කරනවා විශ්වවිද්‍යාල පද්ධතිය ස්වාධීන විය යුතුයි කියලා. රජයේ විශ්වවිද්‍යාල එකිනෙක අතර යම් තරඟකාරිත්වයක් ගොඩ නැගිය යුතුයි. ඒ අනුව විශ්වවිද්‍යාලවලට අපි ස්වාධීනත්වයක් දුන්නොත් තමන්ගේ ශිෂ්‍යයින් තෝරා ගැනීමට ඒ තුළ ක්‍රීඩකයින්, කලාකරුවන් වගේම උසස් පෙළ Z – score වලින් එන ශිෂ්‍යයින්ව බඳවා ගැනීමට පුළුවන්. තරඟකාරිත්වය තුළ විෂය පථය වෙනස් වී සෑම විශ්ව විද්‍යාලයකින්ම උපාධිය ලබන දරුවා රැකියාගතවීමේ ප්‍රතිශතය ගැන සෑම විශ්ව විද්‍යාලයක්ම අවධානය යොමු කරයි.

අවසානයේ දී උපාධියක් ලබා ගෙන රජයේ රැකියාවකට පමණක් සීමා වෙනවාද, එසේ නොමැති නම් අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ලෝක රැකියා වෙළඳපලට තරඟකාරිත්වයක් දෙන්න පුළුවන් ශිෂ්‍යයෙක් බවට පත් කරනවාද කියන එක ගැන සොයා බැලිය යුතුයි.

අවුරුද්දකට දරුවන් ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. එයින් 10%ක ප්‍රමාණයකට තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන්නේ. ඉතුරු අයට මොකද වෙන්නේ පැහැදිලිවම ලක්ෂ 3ක් උසස් පෙළ විභාගය ලියපුවාම එයින් එක්ලක්ෂ හැට පන්දාහක්, එක්ලක්ෂ හැත්තපන්දාහක් අතර ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා. ළමයි තිස්දාහකට හතලිස්දාහක ප්‍රමාණයකට තමයි රජයේ විශ්වවිද්‍යාලයක් ලැබෙන්නේ. එතනින් එහාට අපි මොනවාද කරන්නේ.
අපි දේශපාලනික වශයෙන් මැතිවරණ වලදී පොරොන්දු වෙනවා ශිෂ්‍යන්ට ණය දෙනවා කියලා විදේශීය විශ්ව විද්‍යාල වලට යන්න. එතනින් එහාට ගිය වැඩ පිළිවෙලක් අපි නිර්මාණය කළ යුතුයි. අපි සක්‍රීය අරමුදලක් නිර්මාණය කල යුතුයි උසස් අධ්‍යාපනය සදහා දේශීය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි දරුවන්ට, දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකට ඇතුලත්ව ලෝක රැකියා වෙළදපොලට රැකියාගත දරුවෙක් බවට පරිවර්ථනය කිරීමට. ඒ සක්‍රීය අරමුදල තුළ මේ රටේ බොහෝ දරුවන්ට අවකාශය ලැබෙයි කියලා”
යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan