සජිත්ට සහාය දෙන තීරණයේ කිසිදු වෙනසක් නෑ – ඉලංකෛ තමිල් අරසු කච්චි යළි නිවේදනය කරයි !

0
443

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තම පක්ෂය ගනු ලැබූ තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බව ඉලංකෛ තමිල් අරසු කච්චි පවසයි.

එම පක්ෂයේ වැඩබලන මහලේකම් පී. සත්‍යලිංගම් මහතා විසින් ඊයේ (12) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ.

ඉලංකෛ තමිල් අරසු කච්චි යනු උතුරු – නැගෙනහිර නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ විශාලතම දේශපාලන පක්ෂය වේ.