11 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය : දේශපාලන අවදානම හා පොලී අනුපාතික ඉහළ යාම

0
646

ජනාධිපතිවරණ දිනය ආසන්න වෙද්දී ඉහළ ගොස් ඇති දේශපාලන අවදානම හමුවේ සැප්තැම්බර් 11 දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කළද, රජයට විකුණාගත හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 164.8ක බිල්පත් ප්‍රමාණයක් පමණයි.

එම ප්‍රමාණය විකුණාගෙන තිබෙන්නේද පොලී අනුපාතික නැවත 10% සීමාව ඉක්මවීමට ඉඩ හරිමිනුයි.

ඉදිරි සතියේ වෙන්දේසියට රුපියල් බිලියන 175ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. එය ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි.

~ ඉකොනොමැට්ටා

RN