විශාලතම සමාගම කොළඹ කොටස් වෙළඳපොල හැර යාම නිල වශයෙන් නිවේදනය කරයි !

0
3924

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගමක් වූ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, ඊයේ (12) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම මහජනතාව වෙත ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවේ “පොදු ලැයිස්තුගත සමාගමක්” වශයෙන් පැවතුණු එය “සීමිත සමාගමක්” ලෙස එහි තත්ත්වය වෙනස් කිරීම හේතුවෙන්, “පොදු ලැයිස්තුගත සමාගමක්” ලෙසට පැවැති නම “පොදු සමාගමක්” ලෙසට වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි.

අදාළ නිල නිවේදන පහතින් දැක්වේ.

RN