බොරු රැලිවලට බය වෙන්න එපා.21මැතිවරණයෙන් ජයගන්නේ රනිල් වික්‍රමසිංහ – මනූෂ

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ (LNW):

  • බොරු රැලිවලට බය වෙලා කොටස් වෙළදපොල කඩාගෙන වැටෙනවා
  • කැරලි කෝලහාලවලින් දේපල ආරක්ෂා කරගන්න පසුගිය දින කීපයේදී බිලියන 4ක රක්ෂණ අලුතින් දාලා
  • බැංකුවලින් සල්ලි එලියට ගන්නවා
  • බොරු රැලිවලට බය වෙන්න එපා. 21 වැනිදා මැතිවරණයෙන් ජයගන්නේ රනිල් වික්‍රමසිංහ

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවක් බලයට පත්වේ යැයි ඇතිව තිබෙන බොරු රැල්ලට බය වෙලා පසුගිය දින කිහිපයේදී ජනතාව රුපියල් බිලියන 4ක කැරලි කෝලහාල රක්ෂණ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම බොරු රැල්ලට බිය නොවන ලෙසත් මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා බෙන්තොට ප්‍රදේශයේ අද (13) සවස පැවති කුඩා කණ්ඩායම් ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

” දැන් එක පැත්තකින් කොටස් වෙළදපොල දවසින් දවස කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොලේ ආයෝජනය කරලා තියෙන අය කොටස් වෙළදපොලෙන් සල්ලි ගන්නවා. බැංකුවල සල්ලි දාලා තියෙන අය බැංකුවලින් සල්ලි ගන්නවා. පුලුවන්කමක් තියෙන අයගේ දරුවෝ වෙනත් රටවලට යවනවා.

එනවා කියන බොරු රැල්ලට බය වෙලා තමයි මෙහෙම වෙන්නේ.

බැදුම්කර වල මුදල් ආයෝජනය කරලා තියෙන අය ඒවා විකුණන්න හදනවා කියලා බ්ලූම්බර්ග් ආයතනය කියලා තියෙනවා. රක්ෂණ සමාගමකින් මට දැන් ටිකකට කලින් තොරතුරක් ලැබුණා. ඒ සමාගමේ අලුතින් බිලියන 4ක රක්ෂණ කරලාතියෙනවා. කැරලි කෝලහාල ඇතිවෙන්න පුලුවන් කියලා බයවෙලා කැරලි කෝලහල රක්ෂණ දාලා තියෙනවා.

බය වෙලා මෙහෙම කරන්නේ. ඒත් ඔය බොරු රැලිවලට බය වෙන්න එපා. 21 වැනිදාට හැදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. ඒක මතක තියාගන්න. මේ බොරු රැලිවලට බය වෙන්න එපා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...