”කෘතීම බුද්ධිය රජකරන ලොව කැමරාවේ සප්‍ත පාලනයන් සහ රැස්කළ ජායාරූප බිඳක්” හෑගොඩගේ නවතම කෘතිය ජනගත වෙයි! (PHOTOS)

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජායාරූපකරණයේ සන්නාමය, තවත් අතකින් පවසතොත් කැමරාවෙන් කවි කියන ප්‍රවීණ ජායාරූපශිල්පී ලාල් හෑගොඩ මහතාගේ නවතම කෘතිය ජනගත කිරීම අද (13) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදුවිය.

හෑගොඩ මහතා විසින් රචිත ”කෘතීම බුද්ධිය රජකරන ලොව කැමරාවේ සප්‍ත පාලනයන් සහ රැස්කළ ජායාරූප බිඳක්” කෘතියයි එලෙස ජනගත කෙරුණේ.

උත්සව සභාව මෙහෙයවීම ප්‍රවීණ ගී පද රචක බන්දුල නානායක්කාරවසම් මහතා විසින් සිදුකරන ලද අතර මහාචාර්ය සරත් විජේසූරිය, දෘශ්‍ය කලා විචාරක භූපති නලින් වික්‍රමගේ,ජායාරූප උපදේශක විජය බස්නායක සහ ජනාධිපති මාධ්‍ය උපදේශක අනුරුද්ධ ලොකුහපුආරච්චි යන මහත්වරුන් විසින් අදහස් දැක්වීම් සිදුකරන ලදී.

ජායාරූපකරණය මෙන්ම එහි සාහිත්‍ය බෙදාගත් ප්‍රවීණයෙක් ලෙස ලාල් හෑගොඩ මහතා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දශක හතරක කාලයක් ඉක්මවා සක්‍රීයව ක්‍රියා කරමින් පසුවෙයි.

1971 දී පැවති ‘ෆ්‍රොයිඩ්ගේ දියණිය’ සිය ප්‍රථම ජායාරූප ප්‍රදර්ශනයේ සිට හෑගොඩ ජායාරූප පාසැල පිහිටුවමින් කැමරාවට පෙම්බැඳි සුවහසක් දනන්ගේ පහස නිවාලමින් හෑගොඩ මහතා තවදුරටත් කැමරාවත් සමඟම ජීවන යාත්‍රාව පැදයාමම විශේෂිතය.

ජායාරූපකරණයේ දේශීය සන්නාමය රැකගන්නා අතරතුරදීම හෑගොඩ මහතා සිය ජාත්‍යන්තර සලකුණ ද තබන්නේ බුන්කා සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක්ද අත්පත්කරගනිමිනි.

ඇට,ලේ මස් නහර පුරා විහිදී ගොස් තිබෙන ජායාරූපකරණයේ කුසලතාව මෙන්ම ඔහු කාව්‍ය රචකයෙක්ද වෙයි. 1996 දී ‘මා මිනිසෙක් ඔබ ගංගාක් නිසා’ කාව්‍ය ග්‍රන්ථය හරහා හෑගොඩ මහතා කවියෙක් ලෙසද අභිෂේක ගැන්විණි. එම ග්‍රන්ථය 1996 දී හොඳම කාව්‍ය ග්‍රන්ථය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමිකර ගත්තේ හෑගොඩ සාහිත්‍ය පිළිබඳ සමාජය අවදී කරමින්ය. පසළොස්වක සඳ මගේය, කවි සියපත, කෝමළනි, මෙ’කව මෙතැනින් නවතමි ආදි ලෙස ඔහු අඛණ්ඩව කාව්‍යකරණයේද නියැළුන සාහිත රසකාමියෙකි.

ඒ අනුව ලාල් හෑගොඩ යනු කතන්දර ගොඩක හිමිකරුවෙක් බව සඳහන් කළ යුතුමය.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...