දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

0
2458

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW :

වසර 60කට පසුව කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බලාපොරොත්තු වන අතර, ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 424ක් බව වාර්තා වේ.

1964 වසරේදී මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිවන්නේ පිටකොටුවට පැමිණෙන ජනතාව වෙනුවෙන්ම වන අතර, එහි වර්තමානය වන විට බස්රථ ගමන්වාර ගණන 1500කට අධිකව දිනකය ක්‍රියාත්මක වන බව පැවසේ.

රජය මේ වන විට මෙරට බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය එළැඹෙන 15 වැනිදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

සුවිශේෂී කරුනක් වන්නේ, බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ගුවන් හමුදාවේ තාක්ෂණයෙන් වීමයි. නව ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.