විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ධුරයේ වැඩ භාරගනී

Date:

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 සැප්තැම්බර් 9 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයක් අතරතුර සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.  විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පැමිණ සිටි නිලධාරීන් පිරිස ඇමතූ රාජය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි පණගැන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වෙත සිය සහය පිරිනැමීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේ ය.

2015 වසරේ දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, 2019 නොවැම්බර් මාසයේ දී නව රජය පිහිටුවීමෙන් අනතුරුව සමාජ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරී ය. එතුමා මීට පෙර සබරගමුව පළාත් සභාවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ අතර, 2012 වසරේ දී එහි මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ගණිතය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. එතුමා සිය මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ජාත්‍යන්තර පාසලෙනි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 සැප්තැම්බර් 09 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...