චොකා මල්ලිත් රාජ්‍ය ඇමති ධුරයකින් පිදුම් ලැබීම ගැන …

Date:

චොකා යනු සාවද්‍ය මිනිස් ඝාතනයක් සම්බන්දව මහාධිකරණයෙන් මරණ ඳඬුවම ලැබූ චූදිතයෙකි. දඬුවම අභියාචනාධිකරණය හමුවේ ඇපීල් කර ලද අවසරයේ ඇසිල්ලෙන් එළියේ ලෝකයෙ ජීවත් වෙන සහ පාර්ලිමේන්තු වරප්‍රසාද බුක්ති විඳින පුද්ගලයෙකි.

ඔහු වැඩි මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ මරණ දන්ඩනය නියමවීමෙන් අනතුරුව වීමත් ඝාතකයෙකුට දැවැන්ත මහජන මතයක් හිමිවීම සම්බන්ද ලංකාවේ සර්වජන චන්ද බලය අභ්‍යාස කරන විකෘතිය ගැන මෙහිදී වෙනම සාකච්චා කල යුතුව ඇත.

චොකා විශාල මනාප ප්‍රමාණයක් සහිතව පාර්ලිමේන්තුවට පැමිණිය ද මනුෂ්‍ය ඝාතකයෙකුට අමාත්‍ය දූර පිරි නැමීම හරහා මතුවෙන මහජන විරෝධයට ගොඨාභය ද බියවිය.

නමුත් රනිල් නොබියව මනුෂ්‍ය ඝාතකයෙකුට සහ ප්‍රාදේශීය ලුම්පන් චන්ඩියෙකුට අමාත්‍ය දූර පිරිනමා ඇත.

දේශපාලනය සහ යුක්තිය සම්බන්ද විෂයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අනීතික අන්තයකට රැගෙන යාමේ කූඨප්‍රාප්තිය සළකුණු වූයේ රාජපක්ෂ පාලන කාලපරිච්ඡේදය තුලය.

ශිරාණි බන්ඩාරනායක සිද්දිය, සුනිල් රත්නායක වැනි ජාතිවාදී සමූල ඝාතකයෙකුට සමාව හිමිවීම, සමාජ අපචාරවල යෙදෙන්නන් සහ මිනීමැරුවන්ට ව්‍යවස්ථාදායක සභාවට තෝරාගැනීමට නාමයෝජනා ලබාදීම මේවායින් ඉතාම කීපයක් පමණි.

පාර්ලිමේන්තුව වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ ශුද්ධ මර්මස්ථාන අපයෝජනයට ලක්කල රාජපක්ෂ පාදඩ භාවිතාව රාජපක්ෂලටත් වඩා නරුම ලෙස රනිල් විසින් ඉටුකරමින් තිබීම අප මේ මොහොතේ තේරුම්ගත යුත්තේ කෙසේද …?

බලය යනු බලයමය. බලය හැමවිටෙකම දූෂිතය. බලය සහ යහපාලනය යනු අන්ත දෙකකි. එකක් අතට ගත් කල අනෙක ගිලිහේ ….

නිශේධ විධායක බලයේ රස දිව ගෑ රනිල් ස්වකීය ඉතිහාස ප්‍රජාතන්ත්‍රවාදී කළමනා හමස් පෙට්ටියට දමා පොහොට්ටු දූෂිතයන්ට වරදාන දෙමින් සහ ලුම්පිතයන් දිනාගනිමින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු බලවේගයට මෙසේ ආමන්ත්‍රණය කරනවාද විය හැකිය.

එසේ නොමැති නම් රාජපක්ෂලා විසින් විරෝධතා කරුවන් අතින්ම රනිල් කසළගොඩට දැක්කවීම සඳහා සකසන ලද පිඹුරුපත් ඇතැම්විට මෙසේ විටින් විට එළිදකිමින් තිබෙනවාද විය හැකිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර අධිකාරීවරුන් අද කොළඹට!

රෂිකා හෙන්නායක ජූනි 23, කොළඹ LNW : අද (23) දින...

හම්බන්තොට මහා නගර සභාවේ බලය විපක්ෂයට – නගරාධිපති සමඟියෙන්

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි...

ආසියානු මාරුතවලට එරෙහිව බැදෙන ලංකාවේ ඩුබායි ආශිර්වාදය ෂැනොන්

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ලංකාවෙ ජාතික කණ්ඩායමක් ජාත්‍යන්තර...