සීගිරිය බලකොටුවක් නෙවෙයි ලෙෂර් පාක් එකක් – සංචාරක අමාත්‍යංශය

සීගිරිය, කාෂ්‍යප රජතුමා විසින් රාජ්‍ය පාලනය සඳහා භාවිතා කළ බලකොටුවක් ලෙස ලොවපුරා ප්‍රසිද්ධ වී ඇති නමුත්, එය බලකොටුවක් නොව විනෝදාස්වාදය ලබාදීම සඳහා නිර්මාණය කළ උද්‍යානයක් බව සංචාරක අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. සීගිරිය සම්බන්ධයෙන් සිදුකළ නවතම පර්යේෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

සීගිරිය ලෝකපූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම්කර ඇති නමුත් තවමත් ඒ පිළිබඳව සංචාරකයන් දැනුවත්ව නොමැති බව පෙන්වා දෙන චූලානන්ද පෙරේරා මහතා පවසන්නේ ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන බවයි. ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සහ යුනිසෙෆ් සංවිධානය එක්ව සාකච්ඡා පැවැත්වූ බවත් එම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් ඔහු පවසනවා.

සීගිරිය බලකොටුවක් ලෙස භාවිතා කළේ නම් පොකුණු හා මල්වතු නිර්මාණය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, සත්‍ය ලෙසම සීගිරිය නිර්මාණය කර තිබෙන්නේ ලෙෂර් පාක් එකක් ලෙස බවත් සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...