දේශපාලන සිරකරුවන්ගේ උපවාසයට දින 07 යි – උතුරේත් විරෝධතා

Date:

දේශපාලන හේතු මත අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා කොළඹ මැගසින් බන්ධනාගාරයේ දෙමළ දේශපාලන රැඳවියන් පිරිසක් විසින් ආරම්භ කර ඇති උපවාසයට දින 07 ක් සම්පූර්ණ වේ.

එස්. උදයසිවම්, යූ. උමාසුදන්, එම්. පාර්තීබන්, එල්. ඉම්බරාජ්, වයි. රොබින්සන්, ආර්. සයන්දන්, පී. නගුලේස්වරන්, එස්. සුදාහරන්, යූ. සතීස්කුමාර්, එස්. සසීදන්, ආර්. විවේකානන්දන්, වයි. ඩඩ්ලි සහ එල්.අජන්තන් යන සිරකරුවන් මෙම උපවාසයට එක්ව සිටී.

සිරකරුවන්ගේ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර දිනයේදී ඔවුන් හමු වූ ඥාතීන් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ උපවාසයේ නිරත සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්වය ඉතා බරපතල ලෙස පිරිහී ඇති බවයි.

උතුරේ යුද්ධයට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු දේශපාලන හේතු මත අත්අඩංගුවට ගෙන දිගු කාලයක් තිස්සේ රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජයේ නායකයන් මෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විවිධ පොරොන්දු ලබා දුන්නද එම පොරොන්දු කිසිවක් යථාර්ථයක් බවට පත් නොවීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන් වයස අවුරුදු 08-09 වැනි වයස්වලදී බලහත්කාරයෙන් එම සංවිධානයට බඳවා ගත් අයයි. ඇතැම් සිරකරුවන් දශක 03 කට ආසන්න කාලයක් තිස්සේ නඩු පැවරීමකින් හෝ තොරව අත්අඩංගුවේ තබාගෙන සිටී.

සිරකරුවන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළකරමින් ඔවුන්ගේ ඥාතීන් ඊයේ යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට ඊයේ (12) උපවාසයක නිරත විය.

ඔවුන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේ ත්‍රස්ත පනත ඇතුළු විවිධ පනත් උපයෝගී කර ගනිමින් රඟවාගෙන සිටින සිය සමීපතමයන් නිදහස් කර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැටරියක් සහිත සූර්ය විදුලි පද්ධති සඳහා ගෙවීම් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල බැටරියක් සහිත, වහල මත සවිකරන සූර්ය...

කොළඹ දකුණ සහ මහනුවර අපරාජිතව පෙරට – පුලීෂගෙන් ශතක යුගලයක්

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: වයස අවුරුදු 19 න්...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 23) දිනයේදී සබරගමුව පළාතේත්...