ඇමෙරිකානු සම්බාධක මඟහැර ඉරානය චීනය සමඟ රහසිගත තෙල් ගනුදෙනුවක

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 13 :
ඇමෙරිකානු සම්බාධක මඟහරිමින් ඉරානය සිය තෙල් චීනයට ලබාදී, ඒ වෙනුවට චීනයෙන් ඩොලර් බිලියන ගණනක් වටිනා භාණ්ඩ ලබාගැනීමේ රහසිගත වෙළෙඳ ක්‍රමයක් භාවිත කරමින් සිටින බව Reuters වාර්තා කරයි.

ඉරාන ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු මේ බව තහවුරු කර තිබූ අතර මෙම ක්‍රමය යටතේ ඉරාන තෙල් වෙනුවට චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා භාවිත කළ හැකි ණය හෝ වෙළෙඳ බැර ලබාගන්නා බවයි.

මෙම ගනුදෙනු හරහා ඉරානය චීනයෙන් ඩොලර් බිලියන ගණනක් වටිනා භාණ්ඩ, ඒ අතර හමුදා උපකරණද ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරානයට එරෙහිව ඇමෙරිකාව වසර ගණනාවක් පුරා දැඩි ආර්ථික සම්බාධක පනවා තිබේ. එහි ප්‍රධාන ඉලක්ක අතර ඉරාන තෙල් හා පෙට්‍රෝලියම් වෙළෙඳාම, බැංකු හා මූල්‍ය ආයතන, නැව් සහ තෙල් ප්‍රවාහන ජාල මෙන්ම න්‍යෂ්ටික, මිසයිල හා හමුදා වැඩසටහන්වලට සම්බන්ධ ආයතනද වේ.

චීනයේ භූමිකාව

ඉරාන තෙල් සඳහා චීනය දිගුකාලීනව වැදගත් වෙළෙඳපොළක් වී ඇති අතර, ඇමෙරිකානු සම්බාධක යටතේ වුවද දෙරට අතර බලශක්ති හා වෙළෙඳ සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම ඉරානයට වැදගත් ආර්ථික සහායක් වී තිබේ.

මේ අනුව, ඉරාන තෙල් චීන භාණ්ඩ සඳහා භාවිත කළ හැකි වෙළෙඳ බැර බවට පරිවර්තනය කිරීමෙන් ඉරානයට සාම්ප්‍රදායික ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු මත ඇති රඳාපැවැත්ම අඩු කරගත හැකි වී තිබේ.

ඒ හරහා ආහාර, කාර්මික භාණ්ඩ සහ අනෙකුත් ආනයන පමණක් නොව, හමුදා උපකරණ ඇතුළු උපායමාර්ගික භාණ්ඩ ලබාගැනීමටද ඉඩ සැලසී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව ආර්ථික හා හමුදාමය පීඩනය දැඩි කර ඇති පසුබිමක, මෙම රහසිගත වෙළෙඳ ක්‍රමය ඉරාන ආර්ථිකයට වැදගත් මූල්‍ය ශක්තියක් බවට පත්ව ඇති බවයි රොයිටර් වැඩිදුරටත් සඳහන් කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...