ඇඹුල් කෙසෙල් වලට විදෙස් ඉල්ලුම වැඩිවෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේනේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදාගනිමින් ඉදිකිරීමට තීරණය කර ඇත. ඒ ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇනවුම් ඉදිරිපත්ව ඇති බැවිනි.

ඒ අනුව තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කළාපය ඇඹිලිපිටිය, හම්බන්තොට හා සෙවණගල ආවරණය වන පරිදි අක්කර 800ක් යොදාගනිමින් අරඹන බව අමාත්‍යාංශය පවසන අතර පළමු ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය හා සැකසුම් මධ්‍යස්ථානය රාජංගනයේ ස්ථාපිත කර තිබෙන අතර දෙවන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය යාපනයේ ස්ථාපිත කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසන්නේ, රාජාංගනයේ අක්කර 800ක් හා යාපනයේ අක්කර 400ක ඇඹුල් කෙසෙල් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇති බවයි. මුරවැසිහේන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු දෙසැම්බර් මාසය වනවිට අවසන් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...