යාල වනෝද්‍යානයේ සිදු වූ සමනළ සොරකමට රු. මි.60ක දඩයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):

හොර රහසේ, යාල වනෝද්‍යානයේ සමනල විශේෂ ඇතුළු කෘමීන් රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් මිලියන 60ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ. එය ඩොලර් 200,000කට සමාන වන බව සඳහන් වේ.

පසුගිය මැයි මසදී, යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින්, 68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත් මැටියා කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

යාල වනෝද්‍යානයේ සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් අඩංගු භාජන රැසක් තිබී නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වූ ඔවුන්ට, වනජීවී අපරාධයක් සඳහා ඉහළම දඩය මෙලෙස නියම කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...