අපිට හැමදාම හිඟා කන්න බැහැ.අපනයන ආර්ථිකය හදන්න ඕනේ!

Date:

කොළඹ LNW:රටක් ලෙස හැමදාමත් විදෙස් රටවලින් හිඟා කෑම කළ නොහැකි අතර අපනයන ආර්ථිකය ශක්තිමත් කර ජීවන බර සැහැල්ලු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

තමන්ගේ ප්‍රමුඛතම පරමාර්ථය ජීවන බර සැහැල්ලු කිරීම බවයි වික්‍රමසිංහ මහතා කියාසිටියේ.

”අපිට තියෙනවා රුපියල තව ශක්තිමත් කරන්න.ජීවන බර සැහැල්ලු කරන ඒකයි මගේ පළමුවෙනි පරමාර්ථය. ආදායම් වැඩිකරලා,වැඩිකරලා බදු බර සැහැල්ලු කරන්න. රැකියා බිහිකරන්න ඕනේ. අස්වැසුම,උරුමය ආරක්ෂා කරන්න. මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න. අපිට හැමදාම විදේශ ණය අරගෙන හිඟා කන්න බැහැ. අපි අපිට ඕන විදේශ විනිමය අපි හොයා ගන්න ඕනේ. අපනයන ආර්ථිකයක් ඇතිකරගන්න ඕනේ. එතකොට මේ ජීවන බර තව සැහැල්ලු වෙනවා. එන අවුරුද්ද වෙනකොට තවත් සැහැල්ලු වෙනවා. එදා මුදල් තිබුණේ නැහැ. මුදල් හොයාගෙන අස්වැසුම දුන්නා. සමෘද්ධි වගේ තුන් ගුණයක්. අස්වැසුම දුන්නා. ඒවගේම පුද්ගලික අංශයේ පඩි වැඩිකළා. වතුකරයේ පඩි වැඩිකළා. රජයේ සේවකයින්ගේ දීමනා වැඩිකරලා උදය සෙනෙවිරත්න වාර්තාවෙන් පඩිත් වැඩිවෙනවා. දීමනාවත් වැඩිවෙනවා. විශ්‍රාමිකයින්ගේ වැටුපත් වැඩිවෙනවා. තව අලුත් තීරණ දෙකක් ගත්තා. මෙතෙක මේ රටේ අද විදේශ විනිමය සංචිතය දියුණු වෙලා තියෙන නිසා වාහන ආනයන තහනම ඉවත් කළා. එන අවුරුද්දේ ඉදන් වාහන ලංකාවට ගේන්න පුළුවන්.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) පුළුවන් ශ්‍රී ලංකා බේරුවල මහජන රැළීය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...