පොලීසියේ ලොක්කෙකුට එරෙහිව තවත් ලොක්කන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ?

Date:

ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිලධාරියෙකුට එරෙහිව තවත් ඉහළ නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

මේ වනවිට පොලීසියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පහළොස් දෙනෙකු රාජකාරි කරන අතර එයින් හත් දෙනෙකු සහ තවත් ඉහළ නිලධාරීන් කණ්ඩායමක් පෙරකී ඉහළ නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි කළකිරීමෙන් සිටින බව සඳහන්. ඔවුන් අතරින් කිහිපදෙනෙකු මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටින බව වාර්තා විය.

මීට හේතුවී ඇත්තේ අසාධාරණ සහ ද්වේශසහගත ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම, ඉහළ නිලධාරීන්ගේ අදහස් පිළිනොගෙන අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගැනීම, නිලධාරීන් සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් නිර්මාණය කිරීම යනාදී කරුණු රැසක් බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...