ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවිමේ තරගයේ රන් පදක්කම දිනා ගන්නට ඇමෙරිකාව සමත් වෙනවා.එහෙත් මේ තරගය පුරා දකින්නට ලැබුණු විශේෂය තමයි නැවතත් මලල ක්‍රීඩාව යුරෝපා රටවල අවධානයට ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබීම.කෙටි දුර ඉසව්වලදී බොහෝ විට ඇමෙරිකානු මහද්වීපයට ආසන්න දූපත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇමෙරිකාවටත් අභියෝග කළ හැකි මට්ටමට තරග වදින බව සුලබ කරුණක් වුවත් මෙම තරගයේ අවසාන කණ්ඩායම් 8 ට තේරුණු කණ්ඩායම් අතරින් පහක්ම යුරෝපා රටවල් වුණා.


ඊට ආසියාවෙන් ජපානය සුදුසුකම් ලබා සිටි අතර අප්‍රිකානු මහද්විපයෙන් සුදුසුකම් ලබා සිටියේ දකුණු අප්‍රිකාවයි.උතුරු සහ දකුණු ඇමෙරිකානු මහද්වීපවලින් අවසාන අකෛම කණ්ඩාටම වූ ඇමෙරිකාව ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී රිදී සහ ලෝකඩ පදක්කම යුරෝපයේ නෙදර්ලන්තය සහ බෙල්ජියම අතර බෙදී ගියා.පළමු ස්ථානය ඇමෙරිකාවට,හයවන ස්ථානය දකුණු අප්‍රිකාවට සහ අටවන තැන ජපානයට වෙන් වූ මේ තරගයේදී දෙවන,තෙවන,සිව්වන,පස්වන සහ හත්වන ස්ථාන පිළිවෙලින් නෙදර්ලන්තය,බෙල්ජියම,පෝලන්තය,එංගලන්තය සහ ඉතාලිය යන යුරෝපා රටව් හිමි කර ගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...