නදීශාට හොඳ අවස්ථාවක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW:

ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු ශ්‍රී ලංකා නියෝජනයට අද නදීශා රාමනායක ඉදිරිපත් වෙනවා.ඇය සහභාගි වන මීටර් 400 කාන්තා පස්වන මූලික තරගයට ඉදිරිපත්වන තරගකාරියන් අතර දක්ෂතා සළකද්දි නදීශා සිටින්නේ අවසාන තැනයි.ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය වන්නේ 52.61 වන අතර මේ තරගය දෙස බැලීමේදී නදීශාට මේ තරගයේ වේගය අනුව හොඳම කාලය වාර්තා කිරීමට ඉඩක් තිබෙනවා.


ඉසව්වේ රන් පදක්කම සම්බන්ධයෙන් පළවන අනාවැකි අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවක් වන නයිජිරියානු සම්භවයක් ඇති බහරේන් ක්‍රීඩිකා සල්වා එයිඩ් නසීර් ද සිටිනවා.එසේම තත්පර 50 ක දක්ෂතාවයක් දක්වා ඇති ස්ටෙසි ඈන් විලියම්ස් වැනි ක්‍රීඩිකාවන් ද එම තරගයේ තරග වඳින නිසා නදීශාට මේ තරගයේ හොඳ කාලවක් වාර්තා කරන්නට ඉඩ තිබෙනවා.එහෙත් ඇය තරග කළ යුත්තේ තමන් අන්තිමයා බව තීරණය නොකරයි.


තවත් එක් අත්දැකීමක් හෝ ලබන්නට අවසාන පූර්ව වටයට පිවිසීමේ අදිටනින් නදීශා තරග කළ යුතු වෙනවා.සමහර විට ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවන් මේ තරගය මැහැල්ලුවට ගැනීමේ ඉඩ ගැන අවධානය නදීශා තුළ තිබිය යුතුයි.සුගත් තිලකරත්න ඔලිම්පික් තරගයට සහභාගි වූ අවස්ථාවේදී එවකට සිටි ලෝක සූරයා මයිකල් ජොන්සන් පරාජයට පත් කළ මූලික තරගයේදී ද සිඳු වුණේ ජොන්සන් විසින් තරගය සැහැල්ලුවට ගැනීමයි.සුගත් අවසාන සෙන්ටි මීටරය දක්වා තරගය අත් නොහැර සටන කිරීමයි.නදීහා ට මේ මොහොතේ දී යළි යළික් අන්තර්ජාලය හරහා මේ තරගය සොයා බැලිය හැකිනම් එය වටිනා අත්දැකීමක් මෙන්ම මේ තරගයෙන් ඉදිරියට යන්නට හොඳ මඟ පෙන්වීමක්ද වනු ඇත.
ඒ නිසාම එම තරගය සහිත වීඩියෝ දර්ශණයක් සඳහා පිවෂීමට හැකි සබඳතාවයක් මෙහි දක්වන අතර නදීශා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 3.55 ට යි.
https://bit.ly/3HVyXoM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...

ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...