අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW :

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අද (14) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 39 හැවිරිදි සැකකරු සූරියවැවදී මෙලෙස තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී, ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් හා හෙරොයින් ග්‍රැම් 250ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, මෙම පුද්ගලයා සූරියවැව පොලීසියට භාරදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුව හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතව ඇත. ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ඊයේ (13) දිනයේදී ද බැකෝ සමන්ගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...