වෙරළ වොලිබෝලයේ තේරීම් මීගමුවේ දී

0
172

ජාතින වෙරළ වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණය සැප්තැම්බර් 18 වන දින පෙරවරු 9.00 ට මීගමුව වෙරළ තීරයේ බ්‍රවුන්ස් වෙරළ වොලිබෝල් පිටියේදී සිදු කිරීමට නියමිතය.
ඒ සඳහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදින පෙරවරු 8.30 වන විට ක්‍රීඩා පිටියට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටියි.
වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම මෙවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.එහිදී කණ්ඩායම් දෙකම සාපෙක්ෂව හොඳ දක්ෂතා අතරට පැමිණියද,පසුව පිරිමි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ දෙදෙන කණ්ඩායමෙන් පළා ගියහ.

RM