*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අයථා වත්කම් ඉපයීම : උ. ල. නායක විමල් වීරවංශට නොතීසි

සැප්තැම්බර් 26 වනදා අනිවාර්යයෙන්ම වෛද්‍ය වාර්තාවකුත් රැගෙන අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උත්තර ලංකා සභාගයේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කොළඹ මහාධිකරණය ඊයේ (13) නොතීසි නිකුත් කළේය.

ඒ, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ ඊයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. එහිදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්වයක් හේතුවෙන් අධිකරණයට නොපැමිණි බවයි.

ඒ අනුව වෛද්‍ය වාර්තාවකුත් සමග ලබන 26 වනදා අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වීරවංශ මහතාට නොතීසි නිකුත් කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ 2010 – 2014 කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළ උපයාගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan