සීගිරිය මල් උයනක් නෙවෙයි, බලකොටුවක් – පුරාවිද්‍යා කොමසාරිස්

Date:

සීගිරිය යනු බලකොටු නගරයක් බවත්, මෙතෙක් සිදු කරන ලද සියලු පුරාවිද්‍යා ගවේෂණවලදී ඒ බව තහවුරු වී ඇති බවත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා විසින් සීගිරිය පිළිබඳව අපූරු ගවේෂණ රැසක් සිදුකර ඇති බවත්, එය කාශ්‍යප රජ සමයේදී ඉදිකරන ලද්දක් බව එම ගෙව්ෂණවලින් තහවුරු කරගෙන ඇති බවත් අනුර මනතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් සීගිරිය සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවද ඔහු සඳහන් කරයි.

සංචාරක අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පසුගියදා ප්‍රකාශ කළේ සීගිරිය යනු බලකොටුවක් නොව ලෙෂර් උද්‍යානයක් බවයි. සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සීගිරිය ලොවපුරා ප්‍රසිද්ධ වී ඇති නමුත් සීගිරිය පිළිබඳ නිවැරදි තත්වය තවමත් ලෝකයට සම්ප්‍රේෂණය වී නොමැති බවත් සංචාරක ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...