ඇමරිකාවේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තදබල යෝජනාවක් ජිනීවා සමුළුවට ?

Date:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම මස අගදී මෙම යෝජනාව ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක අනුග්‍රාහකත්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත් වේ. මහා බ්‍රිතාන්‍යය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුර මැසිඩෝනියාව, ජර්මනිය, කැනඩාව යන රටවල් මෙම යෝජනවා සඳහා අනුග්‍රාහකත්වය දක්වයි.

ජාත්‍යන්තර අධිකරණ බලය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා අනෙකුත් මාර්ගෝපදේශ සැපයීමට සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන අපරාධයක් සිදුකළ බවට පැහැදිලි සාක්ෂි තිබෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාව ඇතුළු රටවල් මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කරන යෝජනාවට ඇතුළත් වේ.

මීට අමතරව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයට වගකිව යුතු ආර්ථික අපරාධ සිදුකළ දේශපාලනඥයන්ට සහ රජයේ උසස් නිළධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බවද අදාල යෝජනාවලියට අඩංගු වනු ඇත.

පසුගියදා මෙරට සංචාරයක නිරතව සිටි USAID ප්‍රධානී සමන්තා පවර් මහත්මියද ආර්ථික අර්බුදයට ඇතැම් දේශපාලනඥයන් හා ඇතැම් රාජ්‍ය නිළධාරීන් වගකිව යුතු බවට අවධාරණය කර තිබිණි.

ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කිරීමට නියමිත මෙම යෝජනාව පරාජය කිරීමට අදාල මෙහෙයුම මේ වනවිටත් ජීනීවා ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ආරම්භ කර තිබෙනවා. යෝජනාවට එරෙහිව ආසියානු සහ අප්‍රිකානු රටවල එකඟතාවය ලබා ගැනීමටයි ඔවුන් උත්සාහ දරමින සිටින්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් උසස් පෙළ විශිෂ්ටයන් ඇගයේ!

උතුරු පළාතේ 2023 අ.පො.ස උ/පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරා...

PRIDE 2025 මෙවරත්! (PHOTO STORY)

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාව විසින් අද...