රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ LNW :
කටුනායක ගුවන් තොටුපොළේදී රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්රව්ය මෙරටට රැගෙන ආ උගන්ඩා ජාතිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්රව්ය පෙති 90ක් පමණ ගිල දමා මොහු මෙරටට පැමිණ ඇති අතර, බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හඳුනා ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී කොකේන් ගුලි කිහිපයක් සොයාගත් අතර, සිරුර තුළ ඇති ඉතිරි මත්ද්රව්ය තොගය ලබාගැනීම සඳහා ඔහුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
කටාර් රාජ්යය හරහා මෙරටට පැමිණි මෙම පුද්ගලයා 43 හැවිරිදි ගොවියෙකු බව විමර්ශනවලදී අනාවරණය විය.
අදාළ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වන විට පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාර දී තිබේ.


