ලිබියාවේ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 දක්වා ඉහළට

Date:

පසුගිය සෙනසුරාදා(09) රාත්‍රියේ ලිබියාවේ උතුරු වෙරළ තීරයට ඩැනියෙල් කුණාටුව පහර දීමෙන් ඇති වූ ගංවතුර තත්ව නිසා Derna නගරය සම්පුර්ණයෙන්ම සෝදාගෙන යාම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 දක්වා ඉහල ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


Derna නගරය ඉතාලියට සහ ග්‍රීසියට සමීප වීම නිසා මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන්ගේ කේන්ද්‍රස්ථානයක් වන අතර Derna නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිති මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, සුන්බුන් යට සහ ජලයේ ඇති මළ සිරුරු විශාල ප්‍රමාණයක් හේතුවෙන් නගරය වසංගතයකට ගොදුරුවීමේ අවධානමකින් තමා බියට පත්ව ඇති බවත්, මියගිය සිරුරු බහාලුම් දැඩිව අවශ්‍යව ඇති බවත්ය.

මේ වන විට ඊජිප්තුව, ටියුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය සහ කටාර් යන රටවලින් ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ ඇති අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ, මියගිය ශරීර සෑම තැනකම ඇති බවත් නිවෙස්වල, වීදිවල, මුහුදේ. ඔබ කොතැනක ගියත්, ඔබට මළ පිරිමින්, කාන්තාවන් සහ ළමයින් හමු වන බවයි.

මේ වන විට එක්සත් රාජධානිය බදාදා පවුම් මිලියනයක පරිත්‍යාගයක් ලබා දී ඇති අතර එක්සත් ජාතීන්ගේ ජාතික සමගිය පිළිබඳ කාර්යාලය ඊයේ (13)දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, මේවන විට රටවල් 12 ක් ලිබියාවට ආධාර සහ ගලවා ගැනීමේ කණ්ඩායම් යවා ඇති බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...