*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

වැටෙන වැස්ස ගැන නොව, වැස්සෙන් තරග රකින ක්‍රීඩාංගණ සේවකයින් ගැන ජාත්‍යන්තරය කතා කරයි

මෙවර ආසියානු සූරයන් තේරීමේ ක්‍රිකට් තරගාවලියේදි අවසාන තරගය සඳහා ඉන්දියාව සමඟ මුහුණ දෙන්නේ කවුරුන්ද යන්න තීරණය කරන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත.ඉතාමත් තීරණාත්මක තරගයක් වන මේ තරගයෙන් පකිස්තානට ජය ගැනීමට හැකි වුවහොත් ලෝකයේ මිල අධිකම සහ වැඩිම ප්‍රේක්ෂන පිරිසක් නරඹන තරගයක් බවට විශ්වාස කරන ඉන්දීය – පකිස්තාන අවසාන තරගයක් දැක බලා ගන්නට ලැබෙනු ඇත.
නමුත් ක්‍රිකට් ලෝකයේ පෙරළිකාරම කණ්ඩායම වන ශ්‍රී ලංකාව ඒ සඳහා ඉඩ ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.මේ තත්ත්වය නිසා ද අද දවසේ පකිස්තානයට පක්ෂපාති,ඉන්දියාවට පක්ෂපාති සහ ශ්‍රී ලංකාවට පක්ෂපාති යන තෙවර්ගයේම ප්‍රෙක්ෂකයන් විශාල පිරිසක් මේ තරගයට අවධානය යොමු කර සිටින බය ඇත්තය.


එතරම්ම තීරණාත්මක තියුණු තරගයක් හමුවේ වැස්ස හරස් වී තිබියදී එම තරගයට මුහුණ දෙන කණ්ඩායම් දෙකේ ඉරණම ගැන කතා කරනු වෙනුවට මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටි පාලනය කරන කම්කරුවන්ගේ සහ කළමණාකාරීත්වයේ කීර්තිය කිරා මැන බැලීමේ මොහොතක් ලෙස සළකමින් espncricinfo වෙබ් අඩවිය කරුණු දැක්වීම මෙරට ක්‍රිකට් ක්‍රිඩාංගණ සේවකයින් දෙස ලෝකයේ අවධානය කෙතරම් දුරට යොමු වී ඇද්ද යන්න පැහැදිළි කරයි.
සේවකයින් මෙන්ම සෑම තරගයකදීම හ්‍රී ලංකා ක්‍රිකට් සමස්ත ක්‍රීඩා පිටිය ආවරණය වන පරිදි ආවරණ යෙදීමට හැකිවන පරිදි පහසුකම් සකසා තිබීම විශේෂ තත්ත්වයක්ය.එමෙන්ම වර්ෂාවෙන් අවම හානියක් වන පරිදි පිටිය ආවරණ කටයුතුවලදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින් දක්වන යුහුසුළුභාවයද ලෝක ප්‍රකටය.එමෙන්ම වර්ෂාවෙන් පසුව ආවරණ ඉවත්කිරීමේ දී වේගවත්ව සහ ඉතාම සුරක්ෂිතව එයින් පිටියට හානියක් සිඳු නොවන ආකාරයට එම කාර්යය කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාංගණ සේවකයින් දක්වන සමත්කම අකි විශිෂ්ඨය.


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැඟෙන යන ක්‍රීඩකයින් සම්බන්ධ වරින්වර හොද නරක කතා මිශ්‍රව ඇසුණත් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින් ගැන අසන්නට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරමය.ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිපාලනය මේ සේවකයින් විසින් රටට ලබා දෙන කීර්තිය සළකා මේ වන විටත් ඔවුන්ගේ වැටුප් තත්ත්වය ඉහළට ගෙන ඒමට කටයුතු කර තිබීම යහපත් කටයුත්තකි.එසේම තව දුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින් ද ක්‍රිකට් ක්‍රීඩාවේම අංගයක් වන අතර එයට අවධානය යොමු කර ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ අංශ ඇගයීමේදී ක්‍රිඩාංගණ සේවකයින් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ හැකිනම් එය ද ලෝකයටම ආදර්ශය සපයන ක්‍රියාවක් වනු ඇත.
පහත දැක්වෙන් espncricinfo වෙබ් අඩවිය තරගය පමා කරමින් වසින වර්ෂාව ගැන කතා කරද්දී ක්‍රීඩාංගණ සේවකයින්ගේ සේවය ගැන කතා කළ වීඩියෝවට පිවිසිය හැකි සබැඳියය.
https://www.espncricinfo.com/cricket-videos/asia-cup-tackling-rain-the-sri-lankan-way-1397598
ඡායාරූපයේ දැක්වෙන්නේ වර්ෂාව නිසා අවසාන තරගයට පිවිසීම ඇහිරීමේ වැඩිම අවධානම තිබෙන පකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින්,ඒ ගැන ඇති කර තිබෙන පිඩනය හමුවේ සිය අත් දිගුකර වර්ෂාව පරික්ෂා කරන ආකාරයය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan