රුමේනියාවේ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිවු දෙනෙකු මරුට; මධ්‍යම හා නැගෙනහිර යුරෝපය පුරා ගංවතුර අවදානම් නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම හා නැගෙනහිර යුරෝපයට දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නැගෙනහිර රුමේනියාවට බලපෑ ගංවතුර තත්වය නිසා අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් රටේ නැගෙනහිර ප්‍රදේශයේ නිවාස දහස් ගණනක් විනාශව ඇති බව එරට බලධාරීන් ප්‍රකශ කර තිබේ.

මිනිසුන් ආරක්‍ෂිත ස්ථාන කරා ගෙනයාමට හමුදා බෝට්ටු සහ ගුවන් යානා යොදා ගෙන ඇති අතර එරට අගමැති Marcel Ciolacu ප්‍රකශ කර තිබුණේ, ජීවිත හානි වලක්වා ගැනීමට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවයි.

ඉදිරි දිනවලදී වැඩි වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති රුමේනියාවේ සහ චෙක් ජනරජයේ දස දහස් ගණනක නිවාසවලට විදුලිය විසන්ධි වී ඇති අතර පෝලන්තය, ස්ලෝවැකියාව, හංගේරියාව, දකුණු ජර්මනිය සහ ඔස්ට්‍රියාවේ සමහර ප්‍රදේශවලට ද තවත් තද වැසි අපේක්ෂා කෙරේ. චෙක් අගනුවර වන ප්‍රාග් හි ගංවතුර බාධක මතු වී ඇති අතර ස්ථාන 38 ක ඉහළම ගංවතුර අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත්කර ඇති අතර පෝලන්තයේ සමහර ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කර ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සිරුවෙන් තබා ඇති බවයි එරට බලධාරීන් නිවේදනය කර තිබුණේ,

මීට අමතරව වියානා අගනුවරට තද සුළං අපේක්ෂා කරන අතර, බටහිර දෙසින් අධික හිම පතනය ද ගමනාගමනයට බාධා සිදුවිය හැකිය. ජර්මනියේ Bavaria ප්‍රාන්තයේ දේශසීමාව හරහා අඛණ්ඩව අධික වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරෙන අතර දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල මෙන්ම යුරෝපයේද අධික වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙමින් පවතින බවයි දේශගුණික විද්යාඥයන් ප්‍රකශ කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!

වෛද්‍ය ධම්මික මලල ක්‍රීඩාවේ කුමන හෝ තනතුරකට රිංගන්නට දැඩි උත්සාහයක

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW:  ක්‍රීඩා අමාත්‍යවරයාගේ...

ගාල්ල පළමු වටවලටත් වඩා පහසුවෙන් අවසාන තරගය ජය ගනියි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 29, කොළඹ LNW: අවුරුදු 19 න්...

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...