ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර‍යි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

මේ වන විට ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 71 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 43 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ද මේ වන විට දිවයිනට පැමිණ සිටින අතර , ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 6 ක් වේ.

ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයින් 34 දෙනෙකු සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනෙකු ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතයි.

අසල්වැසි රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණි බව සඳහන් වේ.

ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...