පරදින අයට ජන්දය දීලා රට හතුරු තැනක නතර කරන්න එපා – චම්පික

Date:

කොළඹ LNW:ජයග්‍රහණය නොකර කණ්ඩායමකට ජන්දය දී ජන්දය රටට හතුරු තැනක නතර නොකරන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

රණවක මහතා මේ බව පැවසුවේ අද (15) රාජගිරියේ ඔබේසේකරපුර පැවති ජන හමුවක් අමතමිනි.

මෙවර නාමල් රාජපක්ෂට ජයග්‍රහණය කළ නොහැකි හෙයින් පොහොටුවේ ජන්දද සජිත් ප්‍රේමදාස වෙතලබ දෙන ලෙසත් මාලිමාව බලයට පත්වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අහෝසි වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

”ජන්දය අපතේ හෝ අයාලේ යවන්න එපා.දිනන්නේ නැති මිනිස්සුන්ට ජන්දේ දීලා රටට හතුරු තැනක ජන්දේ නතර කරන්න එපා කියලා ඉල්ලනවා. නාමල් රාජපක්ෂ මේ ජන්දය ජයග්‍රහණය කරන්නේ නෑ.ඔහු හතරවෙනියා වේවි. ඒ නිසා පොහොට්ටුවේ අයගෙන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජන්දය ලබා දෙන්න කියලයි. රනිල් වික්‍රමසිංහගේ අධිෂ්ඨානය වෙලා තිබෙන්නේ සජිත් පැරදවීම පමණයි. ඒක පුද්ගලයෙකුගේ වෛරය වෙනුවෙන් දෙන ජන්දයක්.

මාලිමාවේ තිබෙන්නේ දෙබිඩි ජීවිතයක්. ඒ ඔලුබක්කා ඇතුලේ ඉන්නේ ජවිපෙ. ජවිපෙ පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පවා ඉවත් කරලා. යාපනයේ ගිහින් අනුර කුමාර අපිට දොස් කිව්වා. උතුරේ සම්ප්‍රේෂණ පද්ධති හදලා උතුරට විදුලිය දුන්නේ අපි. රෝහණ විජේවීර යාපනයේ ගියාම ඒ කාලයේ ගල් ගැහුවා. නමුත් අද අනුරට යාපනයේ ගල් ගහන්නේ නෑ. ඒකට හේතුව වෙන්නේ LTTE ට ඕන නැවත දුර්වල බලයක් මේ රටට ඇති කරන්නයි. මාලිමා ඔලුබක්කාගෙන් වහපු ජවිපෙ ඔලුබක්කා ගලවන්න ජනතාව 21 සූදානම්. විදුලි මාෆියාව ඇති කලේ ජවිපෙ රංජන් ජයලාල්. ජවිපෙ වෘත්තීය සමිති තමයි මේ රටේ විදුලි බලාගාර හදන්න ඉඩ නොදුන්නේ. මම හදුන්නෙත්තිට අභියෝග කරලා සති 3 ක් වෙනවා. LRT ව්‍යාපෘතියේ දූෂණයක් උනා කියලා ඔප්පු කරන්න කියනවා. මේ බලයට එන්න යන්නේ ලෞකිකවාදී පිරිසක්. දහම් පාසලක් කරන්න ලැබෙන්නේ නෑ. පුලුවන් නම් අනුර කුමාරට අභියෝග කරනවා කැමරාව එක්ක ජයශ්‍රී මහා බෝධිය වදින්න යන්න කියලා. මේ එන්න යන්නේ රතු ආණ්ඩුව යටතේ ආගමික නිදහස නැති වෙන රටක්. ජවිපෙ බලයට එනවා කියන පිල්ලිය නිසා මේ රටේ තිබුණු ආයෝජන පලා යමින් තිබෙනවා. මාලිමාව ජයග්‍රහණය කළොත් මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ නැති වේවි.” යනුවෙන් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...