ව්‍යාපාරිකයකු අත්අඩංගුවට,අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට සල්ලි බෙදලා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

මුතූර් ප්‍රදෙශයේදී ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා රුපියල් 5000 බැගින් අවට පදිංචි නිවැසියන්ට බෙදාදුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මුතූර් පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26 ක කින්නියා ප්‍ර දේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බවයි.

ජනාධිපතිවරණය ඉලක්ක ගත කරමින් සැකකරු පෙරිය මුල්ල පාලම අසල පුද්ගලයකුගේ නිවෙසේ මුදල් බෙදාදීමක් සිදුකර බවට මුතූර් පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනවලින් අනතුරුව නිවෙසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා අවට පදිංචි පුද්ගලයන්ට රුපියල් 5000 බැගින් බෙදාදී ඇති අතර එම ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඉදිරියේදී දේශපාලනට පිවිසීම අරමුණු කරගෙන ජනාධිපති අපේක්ෂවරයා ප්‍රවර්ධනය කර ඇති බව අනාවරණය වී ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...