නවසීලන්තය සමඟ තරගය නැරඹීම නොමිලේ අතරමැද විවේකයකුත්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 15, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට නොමිළේ අවස්ථාව සැළසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා.ශ්‍රී ලංකාව ජයග්‍රහණය හුරුපුරුදු ක්‍රීඩාංගණයක් වන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම ටෙස්ට් තරගය සඳහා විශාල ප්‍රෙක්ෂක අවධානයක් යොමු විය හැකි හේතු ගණනාවක් දැකිය හැකියි.එංගලන්තයට එරෙහිව පැවති අවසාන ටෙස්ට් තරගය විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසික මට්ටමක සිටීම ඒ අතරින් විශේෂ තැනක් ගනු ලබනවා.


එසේම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහි වූ ධනංජය ද සිල්වා කණ්ඩායමට නායකත්වය දෙන අතරේ එම විද්‍යාලයෙන්ම බිහි වු කමිඳු මෙණ්ඩිස් මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටින හොඳම පිතිකරුවා වීමත් නොමිලේ තරගය නරඹන්නට ලැබෙන අවස්ථාවෙන් ගාලු පිටිය පිරි ඉතිරී යන්නට හේතුවක් වනු ඇත.


එසේම තරගයේ අවසාන දිනය යෙදෙන 21 දා ජනාධිපතිවරණය පැවත්වෙන බැවින් එදින විවේක ගන්වා තරගයේ අවසාන දිනය 22 දා ට දිගු කරන්නට තීරණය වී තිබෙනවා.එහෙත් දඟ පන්දු යැවීමට හිතකර ගාලු පිටියේ දී කණ්ඩායමක ඉරණම බොහෝ විට සිව් දිනකදී විසඳිය හැකියි.එහිදී නවසීලන්තය ද ගාලු පිටියේ ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගිය පන්දු යවන්නෙක් වූ රංගන හේරත්ගේ සහය ලබා ගෙන තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...