විරාජිනිගේ ‘කැමෙලියා’ට 2024 ස්වර්ණ පුස්තකය හිමි වෙයි!

Date:

2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිනි තෙන්නකෝන්ගේ කැමෙලියා කෘතියට හිමිවිය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 16 වැනි වරටත් සංවිධානය කළ මෙම උත්සවය ඊයේ(14)සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අදාළ සම්මානය සමඟ විරාජිනි තෙන්නකෝන්ට මුදලින් රුපියල් ලක්ෂ අටහමාරක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.

මෙහිදී අවසන් වටයට නිර්දේශ වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය, එරික් ඉලයප්ආරච්චිගේ තිවංක කතාව, මලිත් තුසිත ගුණරත්නගේ සිල්වර් ටිප්ස්, ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝ යන නවකතා සඳහා රුපියල් ලක්ෂය බැගින් වන ත්‍යාග මුදල් සමඟ සහතිකපත් පිරිනැමිණි.

මෙම නවකතා ප්‍රකාශයට පත්කළ සරසවි, සන්ථව, ගොඩගේ, විදර්ශන සහ සූරිය යන ප්‍රකාශන ආයතනවලට ඇගයීමේ සම්මාන ප්‍රදානය කෙරිණි.

සම්මාන ප්‍රදානය හිටපු මහා කොමසාරිස්වරයකු වන මහාචාර්ය සසංක පෙරේරා සමග ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් සංගමයේ හිටපු සභාපතිවරු අතින් සිදුකෙරිණි.

ලංකාදීප

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...