නිශ්මං රණසිංහ සැප්තැම්බර් 15, කොළඹ LNW:
ඉතිහාසයේ පළමු වතාවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පූර්ණ තරග නිලධාරී මණ්ඩලය කාන්තාවන්ගෙන් සමන්විතව නම් කරනු ලැබ ඇත.මීට පෙර 2022 වසරේදී බර්මිංහැම්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල, අවසන් වතාවට පැවැත්වුණු කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි දෙක සඳහා තරග නිලධාරී මණ්ඩලය කාන්තාවන්ගෙන් සමන්විතව නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබුවද කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී කාන්තාවන්ගෙන් සමන්විව මෙවර නම් කරන ලද්දේ ඉතිහාසයේ පළමු වතාවටය.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සවි ගැන්වීමට අයිසීසී ය එහි සියළු කේෂ්ත්‍රවල කාන්තා නියෝජනයන් පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේද ක්‍රිකට් ක්‍රීඩාවේ තරග විනිශ්චය සහ තීරක කටයුතුවලට කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි වී තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඒ පිළිබඳව විශාල අවධානයකින් කටයුතු කරයි.ඒ අනුව ලෝක කුසලානය සඳහා නම් කරන ලද තරග විනිසුරු සහ තීරක මඩුල්ලට
ශ්‍රී ලංකාවෙන් මිෂෙල් පෙරේරා සහ නිමාලි පෙරේරා තේරී පත්ව සිටිති. මෙහිදී මිෂේල් තරග තීරකවරියක් වශයෙන් ද නිමාලි තරග විනිශ්චයකාරවරියක් ලෙසින්ද එම තරගාවලියේදී කටයුතු කරනු ඇත.
තරගතීරකවරියක ලෙසින් සුදුසුකම් ලබා සිටින මිෂෙල් පෙරේරා මිලාගිරිය ශාන්ත පුවුළු බාළිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක වන අතර ඇය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළාය. ඇය 2005 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවාය.
විනිසුරුවරියක ලෙසින් එක්ව සිටින නිමාලි පෙරේරා කලුතර ශුද්ධ වූ පවුලේ කණ්‍යාරාමයෙන් සිය පාසල් දිවිය හමාර කරමින් කෝල්ට්ස් සහ යුද හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමර වරම් ලැබූ ක්‍රීඩිකාවකි.
මෙම තරගාවලියේදී තරග තීරකවාරියන් සිව් දෙනෙකුද විනිශ්චයකාරියන් 14 දෙනෙකුද නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.එම සම්පූර්ණ නාම ලේඛණය පහතින් දැක්වේ.
තරග තීරකවරුන්: ටෘඩි ඇන්ඩර්සන්, ෂැන්ඩ්‍රේ ෆ්‍රිට්ස්, ජීඑස් ලක්ෂ්මි, මිචෙල් පෙරේරා
විනිසුරුවන්: ලෝරන් ඒජන්බෑග්, කැන්ඩේස් ලා බෝර්ඩ්, කිම් කපු, සාරා දඹානෙවන, ශතිර ජකීර් ජෙසි, කෙරින් ක්ලාස්ට්, ජනනි එන්, නිමාලි පෙරේරා, ක්ලෙයාර් පොලොසාක්, වෘන්ද රතී, සූ රෙඩ්ෆර්න්, එලොයිස් ෂෙරිඩන්, ගයත්‍රි වෙනුගෝපාලනියම්ස්
