ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම නතර කිරීමේ සැළසුමක් Economy Next හෙළි කරයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW:


ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම අවම කිරීම සහ ඊට ඇති පාරිභෝගික විශ්වාසය අඩු කිරීම සඳහා සැළසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව හෙළිවෙයි. මීට අදාළ පළමු පියවර ලෙස මෙරටට ගෙන්වන සියලු ඉලෙක්ට්‍රික් වාහන විමර්ශනයකට යැයි පවසා රේගුවේ රඳවා ගැනීමේ සැළසුමක් Economy Next.com සිය නවතම ලිපියක් මගින් අනාවරණය කර තිබේ. 2025 අගෝස්තු මාසයේ වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාලේඛණ අනුව Toyota (29%) පසුව BYD (21%) දෙවන ස්ථානයට පත්වී තිබේ.


BYD වැනි චීන ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයන්ගේ මෙම වර්ධනය සම්ප්‍රදායික වාහන ආනයනකරුවන්ට තර්ජනයක් බවට පත් වී ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ ඉතා විශ්වාසනීය මූලාශ්‍රයක් උපුටා දක්වමින් Economy Next වාර්තා කරන්නේ මෙරටට ආනයනය කරන ඉලෙක්ට්‍රික් වාහන ඉදිරි දින කීපයේදී පරීක්ෂාවකට ලක් කිරීම සඳහා රේගුවේ රඳවා තබා ගැනීමට සැළසුම් කර ඇති බවයි. එවන් තත්ත්වයක් ඇති වුණොත් දැනට මෙරටට ආනයනය කරන ලොව උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රික් වාහන මිල දී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට අහිමි වීම අනිවාර්ය බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. ඔවුන් පෙන්වා දෙන ආකාරයට එහි වක්‍ර ප්‍රතිඵලය වන්නේ අලුත් ඉලෙක්ට්‍රික් වාහනවල මිල විශාල ලෙස ඉහළ ගොස් පාවිච්චි කළ හෝ පැරණි වාහන සදහා වෙළෙඳපොළ යළිත් නිර්මාණය වීමයි. ඊට අවශ්‍ය පසුබිම සකසමින් මේ වන විටත් අලුත් ඉලෙක්ට්‍රික් වාහනවල මිලට වඩා වැඩියෙන් මිල සදහන් කරමින් ඉලෙක්ට්‍රික් වාහන අලෙවි කිරීමට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙනු නිරික්ෂණය කළ හැකිය. එම දැන්වීම්වලට අනුව ඉතා ඉහළ ඉල්ලුමක් ඇති ඇතැම් වාහන මාදිලිවල මිල රුපියල් ලක්ෂ 50කට ආසන්න ගණනකින් වැඩි කර සදහන් කර තිබේ.


වෙළෙඳපොළ නිරීක්ෂකයන් පවසන්නේ පාවිච්චි කළ හෝ පැරණි වාහන අලෙවි කර ගැනීමේ අර්බුදයකට මුහුණ දී ඇතැම් වාහන අලෙවිකරුවන් මෙවන් නොමග යවන උපක්‍රම භාවිතා කරමින් ඉලෙක්ට්‍රික් වාහනවල මිල ඉහළ දැමීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවයි. ඒ ඔස්සේ පාවිච්චි කළ හෝ පැරණි වාහන අලෙවි කර ගැනිමේ පටු අරමුණෙන් ඔවුහු කටයුතු කරති. මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම බාධා කිරීමේ කටයුතු සැළසුම් සහගතව සිදු වන්නේ නම් පාවිච්චි කළ වාහන මාෆියාව යළි හිස එසවීමට එම තත්ත්වය අනුබල දීමක් වන බව නොඅනුමානයි. ශ්‍රී ලංකාවේ නව රජය මෝටර් රථ, විශේෂයෙන්ම විදුලි සහ දෙමුහුන් වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම ඉතා කාලෝචිත පියවරකි. මෙම තීරණය ඉන්ධන ආනයන වියදම් අවම කර ගැනීමට සහ පරිසර හිතකාමී ප්‍රවාහනයකට මඟ පෑදීමට උපකාරී වනු ඇත. කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාත්මක වීමටත් පෙරම එය අඩපණ කිරීමට උත්සාහ කරන සැඟවුණු බලවේග පිළිබඳව බරපතළ සැක සංකා මතුවී තිබේ.


ලොව නවීනතම විදුලි වාහන සාධාරණ මිලකට මෙරටට ආනයනය වීමත් සමඟ අධික මිල ගණන් යටතේ විකුණන ලද පාවිච්චි කළ ඉන්ධන වාහන සඳහා වූ ඉල්ලුම පහළ යෑම නොවැළැක්විය හැකි තත්ත්වයකි. විශේෂයෙන්ම ජපානයෙන් ආනයනය කරන ලද පාවිච්චි කළ වාහන වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරික පැවැත්මට එල්ල වී ඇති මෙම තර්ජනයට විරෝධය දැක්වීම ආරම්භ කර ඇත. මෙම සැඟවුණු න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන බවට චෝදනා එල්ල වී ඇත. Economy Next.com වාර්තාවකට අනුව, විදුලි වාහන “පරීක්ෂාවට” යැයි පවසමින් රේගුවේ රඳවා තබා ගැනීමට සැලසුම් කර ඇත. මෙහිදී ජනතාව ප්‍රශ්න කරන්නේ විශේෂයෙන්ම විදුලි වාහන පමණක් ඉලක්ක කරන්නේ ඇයිද යන්නයි. මෙම කුමන්ත්‍රණයේ අවසාන ඉලක්කය වන්නේ පාරිභෝගිකයාට හොඳ මිලකට නවීන විදුලි වාහන මිල දී ගැනීමේ අවස්ථාව අහිමි කිරීමයි. මේ නිසා විදුලි වාහනවල මිල ඉහළ ගොස් පාවිච්චි කළ වාහන සඳහා කෘත්‍රිම ඉල්ලුමක් නිර්මාණය වනු ඇත. මෙයින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට නවීන වාහන මිල දී ගැනීමට ඇති අවස්ථාව අහිමි වන අතර කාබන් විමෝචනය අඩු කිරීමේ ජාතික ප්‍රතිපත්ති අසාර්ථක වනු ඇත. තවද රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාමින් ඉන්ධන ආනයන වියදම් ඉහළ යනු ඇත. මෙම අර්බුදයේදී, ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය වහාම මැදිහත් වී පාරිභෝගික අයිතිවාසිකම් සහ නිදහස් වෙළෙඳපොළ ආරක්ෂා කළ යුතු බව වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ ස්ථාවරය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...

ගලේවෙලදී නීතිවිරෝධී කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පුරාවස්තු සොයා කැණීම්...

“මහින්ද සුළඟින් නාමල් සුවඳ” – නාමල් නව ගමනක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනපති අතින් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...