සජිත් – නාමල් එකම කිරුළට!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ අතර පවත්නා සීතල යුද්ධය ක්‍රමයෙන් උණුසුම් වන ලකුණු පහළ වෙමින් පවතී. මෙම තත්ත්වය වර්තමාන මාලිමා ආණ්ඩුවට වෙස්වලාගත් ආශිර්වාදයක් බව අමුතුවෙන් කිව යුතු නැත. අනාගත දේශපාලන චලනයන් අනුව මෙහි යම් යම් වෙනස්කම් සිදුවිය හැකි මුත් එය අනුර කුමාර දිසානායකට දෙවනවර ඔටුන්නට හිමිකම් කීමේ වරමට බාධකයක් වේයැයි සිතිය නොහැක .

සජිත් හෝ නාමල් කුමන හෝ හේතුවකට පිටියෙන් ඉවත් වුවහොත් අනිකා තීරණාත්මක පිති හරඹයකට අනිවාර්යයෙන් සුදුසුකම් ලබනවා ඇත. මෙවැනි උඩුයටිකුරු වීමකට මතුපිටින් කෙසේ වෙතත් යටි හිතින් නම් මාලිමා වේ මහ මොළ ඇත්තන් කැමති වේයැයි සිතිය නොහැක .

අන්තෝජටා බහි ජටා – දෙදෙනාම පිටියෙන් ඉවත් වුවහොත් මාලිමාවේ කල්ල මරේය. එවැන්නකට තීන්දු තීරණ ගැනීමට තවම කල්වැඩිය. නමුත් දෙදෙනාම හිතන්නේ ලබන වර ජනාධිපති වීමටය. දෙදෙනාම ජනාධිපති පුතාලාය. හිතන් ඉන්නේ ජනාධිපති පුටුව ඔවුන්ගේ උරුමයක් කියාය.

මේවාට එහෙයි කියන බයි වහලුන් සෙට් එකක් තවමත් රට තුළ සිටිති. එහෙත් ගලන ගඟ ආපස්සට හැරවීමට තරම් මොවුන් ප්‍රමාණවත් වෙතැයි සිතිය නොහැක. කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස කිසියම් අධිකරණ කටයුත්තකට කොටු වුවහොත් වඩාත්ම සතුටු වන පුද්ගලයා හා නාමල් රාජපක්ෂ කිසියම් අධිකරණ කටයුත්තකට කොටු වුවහොත් වඩාත්ම සතුටු වන පුද්ගලයා කවුරුන්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

ඉදිරි දේශපාලන සන්දර්භයේ ශ්‍රීලනිපයට හා එජාපයට ඇත්තේ ඉතා සීමිත කාර්යභාරයක්ය යන්න මගේ අදහසයි. එය බොහෝ සෙයින් අත්වැල් ගායනයකට සමාන වනු ඇත. ඉතිහාසයේ ප්‍රබලව සිටි පක්ෂ බොහොමයක් දැන් වැළලී ගොස්ය. තිස් හතළිස් දශකවල ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අතිවිශිෂ්ට කාර්යභාරයක් කළ ඒ.ඊ. ගුණසිංහයන් පසුකාලීනව ඉවතට වීසිවූ අන්දම එක් අතීත උදාහරණයකි. 56 පෙරළියට මහා ජවයක් වූ පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණටද අත් වූයේ මෙවැනිම ඉරණමකි. සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලට අත්වූ ඉරණම ද අතිශයින් ශෝකාකූලය. මෙම තත්ත්වයට එම පක්ෂ යාවත්කාලීන නොවීම බෙහෙවින් බලපෑ බව මගේ පෞද්ගලික විශ්වාසයයි.

වර්තමානයේ ශ්‍රී ලාංකීය දේශපාලන කටුගෙයි දොර ළඟ සිටිනුයේ ශ්‍රීලනිප ය හා එජාපය යන්න මගේ අදහසයි.

ඇත්ත වශයෙන් මෙය මෙලෙස විය යුත්තක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ප්‍රබල විපක්ෂයක් අවශ්‍යය. එය අනාගතයේ බලය ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් පෙර සූදානමින් සිටිය යුතුය.

වර්තමානයේ මට නම් එවැන්නක් නොපෙනේ. දක්නට ඇත්තේ පිය දේශපාලනයේ ⁣බොඳවීයන ⁣හෙවනැල්ලට මුවා වූ ලතෝනියක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...