මමත් බඩු පටවනවා. හෙට අනිද්දම යනවා – මෛත්‍රී

Date:

කොළඹ LNW: ඉදිරි දින දෙක තුන තුළ තමන්ද නිල නිවසින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ දිනවල එම ඉවත්වීම සඳහා සූදානම් වන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

”මමත් බඩු පටවනවා. හෙට අනිද්දට යනවා ඉතින්. තව දවස දෙකක තුනක් විතර තමයි ඉතින් ඉන්නේ. හිටපු ජනාධිපතිවරයෙක්ට නිවසක් සහ කැබිනට් ඇමතිවරයෙක්ගේ සියලු පහසුකම් දෙනවා කියල ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතකක් තිබුණා. ඒ පනත අනුව තමයි හිටපු හැමකෙනෙකුටම දුන්නේ. වර්තමාන ආණ්ඩුව ඒක අවලංගු කරලා යන්න කිව්වම අපි ඉතින් යනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ අපිට.”

කෙසේවෙතත් තමන් නිලනිවසින් ඉවත් වන විට ජනතාව සහ මාධ්‍ය ගෙන්වීමට කටයුතු නොකරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් දේශගුණික අර්බුදය හරිත වංචාවක් බව කියයි; මෙවර COP30 සමුළුව මඟහරියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එළඹෙන නොවැම්බර්...

කාලගුණය යහපත්: අද (01) කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : සබරගමුව, මධ්‍යම සහ...

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඛනිජ තෙල් සංස්ථාවේ...

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...