රටේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකතු වෙන්න ඕනේ. රනිල්ට නායකත්වය දෙන්න පුළුවන් – වජිර

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකම වේදිකාවකට ගොඩවිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

එහිදී ජාතික නායකත්වය සැපයීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බව තමන් විශ්වාස කරන බවයි අබේවර්ධන මහතා සඳහන් කළේ.

”සියලු නායකයින් එක වේදිකාවකට ගොඩවිය යුතුව තියෙනවා ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා. ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තෙත් එහෙමයි. සියලු නායකයින් එක වේදිකාවක සිටයි ශ්‍රී ලංකාවට නිදහස ලබාගත්තේ. ශ්‍රී ලංකාව ආසියාවේ ලොකු රටක් වෙන්න කැමති නම් තරුණ පරම්පරාව මේ රටේ බොරුවෙන් සන්නද්ධ වෙන එක නවත්වන්න ඕනේ නම් මම හිතනවා සියලු නායකයින් එක වේදිකාවකට ගොඩ විය යුතුයි.ඒ වේදිකාව වෛරය, ක්‍රෝධය,ඊර්ෂ්‍යාව, තණ්හාව නැති වේදිකාවක් විය යුතුයි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික නයකට්ව්හය සපයන්න පුලුවන් කියල මම විශ්වාස කරනවා.” යනුවෙන් අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...