පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනපති අතින් ඇරඹෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව ආරම්භ වී තිබේ.

පිටකොටුව බස්නැවතුම්පොළ මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වනුයේ අවුරුදු 60කට පසු වීම විශේෂත්වයක් වන අතර, මෙම බස් නැවතුම්පොළ 1964 වසරේ ඉදිකර ඇති බව සඳහන් වේ.

මෙම නවීකරණ කටයුතු සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වන අතර, අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...