7500 ලයිට් බිල දැන් 44,000 යි, කොහොමද මේවා ගෙවන්නෙ – මැඩිල්ලේ හිමි

Date:

අත්විඳින දැවැන්ත මුල්‍ය අලාභය හේතුවෙන් තවදුරටත් ආයතනය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් විදුලි ගාස්තු සැළකිය යුතු අන්දමකින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

ගාස්තු ඉහළ දැමීමෙන් පසුව මේ වනවිට පළමු විදුලි බිල පාරිභෝගිකයන් අතට පත්ව තිබේ. විදුලි බිල් ලැබීමත් සමග, යටගොස් තිබූ විරෝධය යළිත් උත්සන්න වී තිබේ.

මෙවර ගාස්තු ඉහළ දැමීමේදී ආගමික ස්ථාන සඳහා මීට පෙර ලබා දී තිබූ සහනාධාර සැළකිය යුතු අන්දමකින් කප්පාදු කිරීම කැපී පෙනනවා. මේ නිසා ඇතැම් විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල හතර පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා සැළකිය යුතු මතවාදීමය මැදිහත්වීමක් සිදුකළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිය විහාරස්ථානයේ අලුත්ම විදුලි බිල සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.

ඒ, ‘රු 7500 තිබ්බ ලයිට් බිල රු. 44000 ක් වෙලා. මුන්ගෙ අම්මා අප්පා විකුණලද මේ බිල් ගෙවන්නෙ අපි..‘ යන සටහනද සමගිනි.

නව සංශෝධනයට අනුව මැඩිල්ලේ හාමුදුරුවන්ගේ විහාරස්ථානයේ විදුලි වියදම ආසන්න වශයෙන් හය ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...