7500 ලයිට් බිල දැන් 44,000 යි, කොහොමද මේවා ගෙවන්නෙ – මැඩිල්ලේ හිමි

Date:

අත්විඳින දැවැන්ත මුල්‍ය අලාභය හේතුවෙන් තවදුරටත් ආයතනය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් විදුලි ගාස්තු සැළකිය යුතු අන්දමකින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

ගාස්තු ඉහළ දැමීමෙන් පසුව මේ වනවිට පළමු විදුලි බිල පාරිභෝගිකයන් අතට පත්ව තිබේ. විදුලි බිල් ලැබීමත් සමග, යටගොස් තිබූ විරෝධය යළිත් උත්සන්න වී තිබේ.

මෙවර ගාස්තු ඉහළ දැමීමේදී ආගමික ස්ථාන සඳහා මීට පෙර ලබා දී තිබූ සහනාධාර සැළකිය යුතු අන්දමකින් කප්පාදු කිරීම කැපී පෙනනවා. මේ නිසා ඇතැම් විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල හතර පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා සැළකිය යුතු මතවාදීමය මැදිහත්වීමක් සිදුකළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිය විහාරස්ථානයේ අලුත්ම විදුලි බිල සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.

ඒ, ‘රු 7500 තිබ්බ ලයිට් බිල රු. 44000 ක් වෙලා. මුන්ගෙ අම්මා අප්පා විකුණලද මේ බිල් ගෙවන්නෙ අපි..‘ යන සටහනද සමගිනි.

නව සංශෝධනයට අනුව මැඩිල්ලේ හාමුදුරුවන්ගේ විහාරස්ථානයේ විදුලි වියදම ආසන්න වශයෙන් හය ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...