ආසියානු කුසලානය දිනුවෙ මගේ වැඩ නිසා – නාමල් කෙලින්ම කියයි (Video)

Date:

තමන් එදා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සෘජුව තීරණ ගනිද්දී බොහෝදෙනා තමාට විවේචන එල්ල කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. තරග පරදිද්දී අලුත් නායකයෙකු නම් කරන විට, අලුත් ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන එනවිට, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව දැඩි තීරණ ගන්නා විට තමන්ට චෝදනා, විවේචන රැසක් එල්ල වූ බවත්, කෙසේ නමුත් ඒ සියල්ල විඳදරා ගනිමින් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු පවසයි.

අද වනවිට තමන් ගත් තීරණවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත්, මෙය ආරම්භයක් පමණක් බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරියේදී ජයග්‍රහණ වැලක් ලැබීමට නියමිත බවයි.

ක්‍රීඩකයෙකු ලෙස තමා ක්‍රීඩා කරන කාලයේදී නිළධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම් හේතුවෙන් ක්‍රීඩකයන් කෙතරම් අභියෝගවලට මුහුණ දෙන්නේද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත් බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා‌ ලෙස තමන් කිසිදු ක්‍රීඩා සංගමයකට බලපෑම් සිදු නොකර ඔවුන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීම සඳහා අවස්ථාව ලබාදුන් බවත් තමන් සිදුකළේ ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම බවත් ඔහු පවසනවා.

ක්‍රීඩා අමාත්‍ය ධුරය හෝ වෙනත් ඇමති ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත්, එය පොදුජන පෙරමුණ විසින් ගතයුතු තීරණයක් බවත් රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඇමති ධුර බෙදා ගැනීමට වඩා මේ මොහොතේ තමාගේ අවධානය යොමුව තිබෙන්නේ ආණ්ඩුව ශක්තිමත් කිරීම හා පක්ෂය ශක්තිමත් කිරීම පිළිබඳව බවද ඔහු ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...