කසාන් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සරත්ට සහ තිරිමාදුරට සජිත්ගෙන් සුබපැතුම් !

Date:

පසුගියදා පැවති රුසියානු කසාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය දිනාගත් සරත් කොතලාවල මහතාට සහ කුමාර තිරිමාදුර මහතාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබපැතුම් පිරිනමා තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ සුබපැතුම් පිරිනමයි.

සරත් සහ තිරිමාදුර මෙම සම්මානය දිනාගත්තේ ඔවුන්ගේම සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘ද නිවුස්පේපර්’ සිනමාපටය වෙනුවෙනි.

සිනමා කර්මාන්තයේ ලෝකයේ සංස්කෘතික කර්මාන්ත අතර ප්‍රමුඛ ගණයක ලා සැලකෙන බවත්, බොහෝ අභියෝග හමුවේ ලෝක සිනමාව දිනෙන් දිනම ඉදිරියට ගමන් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලෝක සිනමාව එසේ ඉදිරියට යද්දී රාජ්‍ය මට්ටමේ සහයෝගය හා දිරිමත් කිරීම අවම වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ලාංකීය සිනමාව පෙරට ඒමට වඩා සිදුව තිබෙන්නේ බරපතල ලෙස කඩාවැටීමක් බව විපක්ෂ නායකයා පෙන්වා දෙයි.

එවැනි පසුබිමක් තුළ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන අතිදක්ෂ ශිල්පීන් දෙදෙනා දිනාගත් මෙම සම්මානය ඔවුන් දෙදෙනා පමණක් නොව සමස්ත ලාංකික සිනමාවම අත්කර ගත් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි බවද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාත්‍යන්තර සිනමාව සමග සමව ගමන් කළ හැකි මට්ටමේ සිනමා කර්මාන්තයක් ස්ථාපිත කිරීම සඳහා වූ තිරසාර ප්‍රඥප්තියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ප්‍රේමදාස මහතා පවසන්නේ සිනමාවේ ප්‍රගමනය සඳහා මෙන්ම මෙවැනි ජාත්‍යන්තර සම්මාන තව තවත් දිනා ගැනීම සඳහා එය මනා පිටිවහලක් වනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...