යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට අනතුරක් – තත්වය බරපතල නෑ

Date:

සිය ආරක්ෂක නිළධාරීන්ද පිරිවරාගෙන වාහන පෙළකින් කිව් අගනුවර හරහා ගමන් කරමින් සිටි යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි රිය අනතුරකට භාජනය වී තිබෙනවා. වේගයෙන් පැමිණි මෝටර් රථයක් ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් ජනාධිපතිවරයා තුවාල ලබා ඇති නමුත් ඒවා එතරම් බරපතල තුවාල නොවන බවයි ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් යුක්රේන මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

ජනාධිපතිවරයාගේ රථයේ ගැටුණු මෝටර් රථය පැදවූ තැනැත්තාද අනතුරින් තුවාල ලබා තිබෙනවා.

විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන බවයි, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක සර්ගේයි නිකිෆරොව් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...