ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වාහිද් ඉල්ලා අස්වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. අබ්දුල් වාහිද් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

මෙම ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් 14 වනදා සිට බලපැවැත්වෙන බවත් ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවත් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වෙත දැනුම් දී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...