එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01:
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් The Wall Street Journal පුවත්පතට එරෙහිව ගොනු කළ අපහාස නඩුවක් ස්ථිරවම ඉවත දැමීමට ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් තීරණය කර තිබේ.

ජෙෆ්රි එප්ස්ටයින්ගේ 50 වැනි උපන්දිනය වෙනුවෙන් 2003 වසරේ සකස් කළ ඇල්බමයක ට්‍රම්ප් විසින් ලියන ලද බව කියන උපන්දින පණිවුඩයක් ඇතුළත් වූ බවට The Wall Street Journal පුවත්පත පළ කළ වාර්තාවක් මෙම නඩුවට පදනම් වී තිබිණි.

අදාළ වාර්තාව අසත්‍ය බවත්, එමඟින් තම කීර්තිනාමයට හානි සිදුවූ බවත් පවසමින් ට්‍රම්ප් පුවත්පතට එරෙහිව ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබුණි.

කෙසේ වෙතත්, නඩුව සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ විනිසුරුවරයා ට්‍රම්ප්ගේ සංශෝධිත පැමිණිල්ල ද ප්‍රමාණවත් නොවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කර තිබූ අතර මෙහි විශේෂත්වය වන්නේ නඩුව ‘with prejudice’ යන නීතිමය පදනම යටතේ ඉවත දැමීමයි. ඒ අනුව එම නඩුව නැවත සංශෝධනය කර හෝ නැවත ගොනු කිරීමට ට්‍රම්ප්ට අවස්ථාව හිමි නොවේ.

කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...