මෙරට ජාත්‍යන්තර පාසැල්වල දියුණු අධ්‍යාපන ක්‍රමවේදයන් රජයේ පාසැල්වල දරුවන්ටත් ලබාදීම අපේ අරමුණයි – සජිත්

Date:

රජයේ පාසැල් 10,155 තුළ අධ්‍යාපනය ලබන දරුවන්ට තොරතුරු තාක්ෂණය, සුහුරු අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛව ඉගැන්වීම තුළින් ලෝකය සමග බද්ධ වූ ස්මාට් පුරවැසියෙකු බිහිකළ යුතු බවත්, ලෝකය තුළ ශ්‍රී ලංකාවට හිමි තැන තහවුරු කර ගැනීමේදී මේ රටේ දරුවන් වෘත්තීමය වශයෙන් ශක්තිමත් කිරීමට ඒ ඔස්සේ හැකිවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල වැඩසටහන යටතේ, 77 වන බස්රථය කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් පිරිනැමීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමින්.

මෙරට 75 වසරක දේශපාලන ඉතිහාසය තුළ කිසිදු විරුද්ධ පක්ෂයක් නොකළ සේවාවක් සමගි ජන බලවේගය පසුගිය වසර 3 පුරා සිදු කළ බවත්, සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

රජයේ අඩුපාඩු, ගැටලු විවේචනය කරනවා සේම, ඇතැම් ගැටලුවලට යම් පමණකින් හෝ විසදුම් ලබාදීමටත් සමගි ජන බලවේගය කටයුතු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දානපතියන් සහ පරිත්‍යාගශීලීන් සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා ලබාදෙන මුදල් මේ රටේ දරුවන් වෙනුවෙන් සහ පොදු ජනතාව වෙනුවෙන් යොදවන බවත් ඒ “සක්වල” හා “හුස්ම” වැඩසටහන් තුළින් බවත්, ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...