Thursday, September 28, 2023
spot_img

Latest Posts

නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුෂණ විරෝධී පනත් කෙටුම්පතට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණු අතර, එම නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ.

ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන් වන අතර ,දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බව යි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.