විජේවීරව පණපිටින් ආදාහනාගාරයට විසිකරපු ගහලයා එක්ක අද මාලිමාව එකට වේදිකාවේ ලගිනවා. ලැජ්ජයි හිරිකිතයි අනුර ! – ඉන්ද්‍රානන්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාව ඝාතනය කළ මේජර් තෝරදෙනිය ජාතික ජන බලවේගයේ රැස්වීමක ප්‍රධාන අමුත්තා වශයෙන් කැඳවා ඇති බවත් වත්මන් ජවිපෙ නායකයින්ගේ හෘදසාක්ෂිය කුණුවී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පවසයි. .

“අද මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය ජේවීපී එකේ රැස්වීමකට ගිහිල්ලා ප්‍රධාන ආරාධිතයා විදියට පොල්තෙල් පහන දල්වනවා. කවුද මේ අශෝක තෝරදෙනිය ? රෝහණ සහෝදරයාට පිස්තෝලයෙන් වෙඩිතියලා ආදාහනාගාරයට විසි කරද්දී බැම්මේ වැදිලා බිම වැටිලා කෙඳිරි ගානකොට ‘තොපිට බැරිද වැඩක් කරන්න’ කියලා කෑගහලා රෝහණ සහෝදරයාව පණ පිටින් ආදාහනාගාරයට විසිකරපු ගහලයා. මං නමත් එක්ක කියනවා, පුළුවන් නම් දාපන් මට නඩු ! එතන ඡායාරූප ගත්තු මිනිහා මම. මම ලෑස්තියි උසාවියක් ඉදිරියේ මුහුණ දෙන්න. දාපන් නඩු මට. කාටහරි සැකයක් තියෙනවා නම් මම මගේ ෆෝන් එකේ තියෙන මේ ෆොටෝ පෙන්වන්නම්. හඳුන්නෙත්තිත් එක්ක එකට ෆොටෝ ගන්නවා. තොපේ හෘදසාක්ෂිය කුණුවෙලාද ? යුක්තිය ඉල්ලපු මිනිස්සුන්ට සාධාරණය ඉටු නොකරපු තොපි අද උන්ගෙ ඝාතකයොත් එක්ක වේදිකාවල එකට ලගිනවා. එදා රෝහණ සහෝදරයාගෙ ඝාතනය මුළු ලෝකෙට කියලා අවුරුදු අටක් හිරේ ලැගපු මට තෝරදෙනියත් මාලිමා වේදිකාවේ ඉන්න බෑ. අනුර කුමාර දිසානායක අපිත් එක්ක එකට පක්ෂයේ වැඩකරලා තියෙනවා. අපිත් එක්ක රතු ෂර්ට් දාගෙන හිටපු අය අද දම්පාට වෙලා. ජනතාව ගොනාට අන්දන විදිහ අනුර කැතයි ලැජ්ජයි නින්දිතයි හිරිකිතයි”

ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) මැදිරිගිරියේදී පැවති ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ ප්‍රචාරක රැලියක් අමතමිනි.

රෝහණ විජේවීර ඝාතනය කළ අවස්ථාවේදී එහි ඡායාරූප ගත් හමුදා සෙබළකු වූ ඉන්දානන්ද ද සිල්වා එම සිද්ධිය හෙළිදරව් කිරීම හේතුවෙන් වසර අටක සිර දඬුවමක් ද ලැබූ අයෙකි. පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වශයෙන් පූර්ණ කාලීනව දේශපාලනයට එක්වූ අතර ජවිපෙ ඛණ්ඩනයේදී ඔහු පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...